Breaking News -මෙරට පළමු වඳුරු උණ ආසාදිතයා හමුවෙයි

මෙරට පළමු වඳුරු උණ ආසාදිතයා හමුව ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

මෙලෙස හඳුනාගෙන ඇති ආසාදිතයා පසුගිය පළමුවනදා ඩුබායි සිට දිවයිනට පැමිණි 20 හැවිරිදි තරුණයෙක් බවටයි වාර්තා වන්නේ.

සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේ දී ඔහු වඳුරු උණ ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

ඒ අනුව වම අසදිත්යා ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත යොමු කිරීමටයි කටයුතුකර ඇත්තේ.