AI භාවිතය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය දැනුවත් කෙරේ

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය (AI) යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (28) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත් වුණා.

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණයි.

මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කළේ කෘත්‍රීම බුද්ධිය භාවිතය මගින් කාලීන වටිනාකමක් සහිතව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බවයි.

මෙහිදී දේශනයක් සිදුකළ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, රජයේ ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම, අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගත හැකි ආකාරය සහ ඒ වෙනුවෙන් සැලසුම් කර ඇති තාක්ෂණික වෙනස්කම් පිළිබඳ අදහස් දැක්වුවා.

ජනාධිපති කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබු අතර අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සාමිස අබේසිංහ යන මහත්වරු සම්පත් දායකයන් ලෙස එක් වුණා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?