උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්වය කල් දැමීමේ තීරණයක් නෑ

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම කල් දැමීමේ සූදානමක් නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. පාසල් අද (15) ආරම්භ කෙරෙන අතර පාසල්වල පහ වසර සහ උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුන් හා උගන්වන ගුරුවරුන් පිළිබඳව විදුහල්පතිවරු මගින් සංගණනයක් පැවැත්වීමට අපේක්ෂා කරන අතර එමගින් සිසුන් සාධනීය මට්ටමට පැමිණ ඇත්දැයි නිරීක්ෂණය කෙරෙනු ඇතැයි ඒ මහතා සඳහන් කළේය.අවස්ථා කිහිපයකදී ම කොවිඩ් අවදානම නිසා කඩින්කඩ පාසල් වැසීමට සිදු වූ බවත් රටේ සියලුම පාසල් විවෘත කර පවත්වාගෙන යෑම ආරම්භ කළ පසු දරුවන්ගේ දැනුම මට්ටම පිළිබඳ නිරන්තර ඇගයීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් ලේකම්වරයා පැවසීය.

ඉදිරි කාලය තුළ දරුවන්ට විෂය කරුණු ආවරණය කරගැනීමට හැකිවේ ද යන්නට අවධානය යොමු කරන බව සඳහන් කළ මහාචාර්ය කපිල පෙරේරා කොවිඩ් තත්ත්වය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුව ඇතැයි ද පැවසීය.මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකෙරෙන බව සහ දරුවන් බොහොමයක් විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් පසුවන බව හෙතෙම සඳහන් කළේය.

පහ වසර විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමේ වෙනසක් සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පුළුල් ලෙස කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?