‘හරක් කටාගේ’ ප්‍රධානතම කුලී වෙඩික්කරු අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටාගේ’ ප්‍රධාන කුලී වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වනවා.

ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මොහු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුණේ.

27 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බොරලැස්ගමුව ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක රැඳී සිට තිබෙනවා.

නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ මලයාසියාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටිය දී ඩුබායි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බවටයි පසුගිය 11 වනදා වාර්තා වුණේ.

‘හරක් කටා’ සමඟ ඔහුගේ බිරිය යැයි පවසන තැනැත්තියක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ජාත්‍යන්තර පොලිසිය සහ මෙරට ආරක්ෂක අංශ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ‘හරක් කටා’ සහ අදාල කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (14) දිනයේ නිවේදනය කළේ ඩුබායි ගුවන්තොටුපොළේ දී මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ‘හරක් කටා’ බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති බවයි.

‘හරක් කටා’ අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට වෙසෙන ඔහුට සහාය දක්වන අපරාධ කල්ලි සාමාජිකයින් මේ වනවිට කලබලයට පත්ව ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ වෙඩි තැබීම ඇතුළු අපරාධ රැසක් ‘හරක් කටා’ විදෙස්ගතව සිට මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12