‘හරක් කටාගේ’ ප්‍රධානතම කුලී වෙඩික්කරු අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටාගේ’ ප්‍රධාන කුලී වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වනවා.

ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මොහු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුණේ.

27 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බොරලැස්ගමුව ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක රැඳී සිට තිබෙනවා.

නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ මලයාසියාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටිය දී ඩුබායි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බවටයි පසුගිය 11 වනදා වාර්තා වුණේ.

‘හරක් කටා’ සමඟ ඔහුගේ බිරිය යැයි පවසන තැනැත්තියක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ජාත්‍යන්තර පොලිසිය සහ මෙරට ආරක්ෂක අංශ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ‘හරක් කටා’ සහ අදාල කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (14) දිනයේ නිවේදනය කළේ ඩුබායි ගුවන්තොටුපොළේ දී මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ‘හරක් කටා’ බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති බවයි.

‘හරක් කටා’ අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට වෙසෙන ඔහුට සහාය දක්වන අපරාධ කල්ලි සාමාජිකයින් මේ වනවිට කලබලයට පත්ව ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ වෙඩි තැබීම ඇතුළු අපරාධ රැසක් ‘හරක් කටා’ විදෙස්ගතව සිට මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?