AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ගෙට ගිනි තැබූ සිද්ධියට තවත් තුනක් අල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් නාරාහේන්පිට සහ පිළියන්දල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලින් පසුව ඊයේ (01) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් 18 සහ 22 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පසුගිය ජූලි 09 වනදා පැවති දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසල පිහිටි නිවසට පිරිසක් විසින් ගිනි තබා අලාභ හානි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?