“බඩට මාස අටයි.. කන්නේ එක වේලයි.. මගේ ඇඟේ යකඩ අඩු යි, දරුවා වැඩිලා මදි කියලා දොස්තර මහත්තයා කිව්වා.”

“මගේ බඩට මාස අටක්. රටේ තියන තත්ත්වයත් එක්ක දරු ප්‍රසූතිය ගැන හිතද්දී මහා බයක් දැනෙන්නේ.”

“මගේ ඇඟේ යකඩ අඩු යි, දරුවා වැඩිලා මදි කියලා දොස්තර මහත්තයා කිව්වා. බෙහෙතුයි, විටමිනුයි ලියලා දුන්නා පාමසියෙන් ගන්න කියලා. මේ තියන තත්ත්වෙත් එක්ක අපි කොහොමද ඕවා ගන්නේ?”

“අපි දැන් කන්නේ එක වේල යි. ඉතිරිය බඩගින්නේ ඉන්නේ.”

වව්නියාවේ කුඩාකච්චකොඩිය ගම්මානයේ පදිංචි 27 හැවිරිදි ගැබිණි මවක වන තක්ෂිලා නිරෝෂිනී BBC සිංහල පුවත් සේවය වෙත මෙලෙස අදහස් දක්වා තිබුණි.

ශ්‍රී ලංකාවේ බොහොමයක් මව්වරුන් මෙන් ඇය ද සිය නවහැවිරිදි කුඩා දියණියගේ සහ නූපන් දරුවාගේ කුස පිරවීමේ අරගලයක යෙදී සිටින්නී ය.

බොහෝ දිනවල ඔවුන්ගේ බත්පතට එකතු වන්නේ පලාකොළ මැල්ලුමකි. හැකි සෑම විටම අඩුම මිලට ඇති සෝයා මාළුවක් ඊට එක්කර ගැනීමට ඇය උත්සාහ දරන්නී ය. ඒ කුස සිටින දරුවාට ප්‍රෝටීන සහිත අහරක් අවශ්‍ය බැවිනි.

කුලියක් මලියක් කර එදා වේල පිරිමසාගත් තක්ෂිලාගේ සැමියාට මාස දෙකක පමණ සිට රැකියාවක් නොමැත. රටේ පවතින තත්ත්වය හමුවේ කුලී වැඩක් සොයා ගැනීම දුෂ්කර වී ඇත.

“අපිට කලින් පෝෂණ මල්ලක් ලැබුනා, දැන් ඒක හම්බවෙන්නෙත් නෑ. අපිට දැන් හැමදේම ගන්න වෙලා තියෙන්නේ පාමසියෙන්. ඒත් ඒවට කොහෙන්ද සල්ලි?”

උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් සේවය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23