“මගේ බඩට මාස අටක්. රටේ තියන තත්ත්වයත් එක්ක දරු ප්‍රසූතිය ගැන හිතද්දී මහා බයක් දැනෙන්නේ.”
“මගේ ඇඟේ යකඩ අඩු යි, දරුවා වැඩිලා මදි කියලා දොස්තර මහත්තයා කිව්වා. බෙහෙතුයි, විටමිනුයි ලියලා දුන්නා පාමසියෙන් ගන්න කියලා. මේ තියන තත්ත්වෙත් එක්ක අපි කොහොමද ඕවා ගන්නේ?”
“අපි දැන් කන්නේ එක වේල යි. ඉතිරිය බඩගින්නේ ඉන්නේ.”
වව්නියාවේ කුඩාකච්චකොඩිය ගම්මානයේ පදිංචි 27 හැවිරිදි ගැබිණි මවක වන තක්ෂිලා නිරෝෂිනී BBC සිංහල පුවත් සේවය වෙත මෙලෙස අදහස් දක්වා තිබුණි.
ශ්‍රී ලංකාවේ බොහොමයක් මව්වරුන් මෙන් ඇය ද සිය නවහැවිරිදි කුඩා දියණියගේ සහ නූපන් දරුවාගේ කුස පිරවීමේ අරගලයක යෙදී සිටින්නී ය.
බොහෝ දිනවල ඔවුන්ගේ බත්පතට එකතු වන්නේ පලාකොළ මැල්ලුමකි. හැකි සෑම විටම අඩුම මිලට ඇති සෝයා මාළුවක් ඊට එක්කර ගැනීමට ඇය උත්සාහ දරන්නී ය. ඒ කුස සිටින දරුවාට ප්‍රෝටීන සහිත අහරක් අවශ්‍ය බැවිනි.
කුලියක් මලියක් කර එදා වේල පිරිමසාගත් තක්ෂිලාගේ සැමියාට මාස දෙකක පමණ සිට රැකියාවක් නොමැත. රටේ පවතින තත්ත්වය හමුවේ කුලී වැඩක් සොයා ගැනීම දුෂ්කර වී ඇත.
“අපිට කලින් පෝෂණ මල්ලක් ලැබුනා, දැන් ඒක හම්බවෙන්නෙත් නෑ. අපිට දැන් හැමදේම ගන්න වෙලා තියෙන්නේ පාමසියෙන්. ඒත් ඒවට කොහෙන්ද සල්ලි?”
උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් සේවය














Please send her contact details
kendiri gagaa nokkadu kiyamin nosita elawalu palaa kola kanna – geawathak nathnam mal pochchiwala hari nivithi gotukola kathurumunga kola wawanna.