පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා දැවැන්ත ඉලක්කයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 337කට සීමා වුණා.

පාකිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 04ක වාසියක් සමඟ දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 76ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නවාස් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ, ලකුණු 88කට කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව තරගය ජයග්‍රහණය සඳහා පාකිස්ථාන කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 342ක්.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිළ ලකුණු 222ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් පකිස්ථානයට පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 218ක් පමණයි.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයේ සිව්වන දිනය අදයි.

කෙසේ වෙතත් මේ වන තෙක් කිසිඳු කණ්ඩායමක් ගාලු පිටියේ ටෙස්ට් තරගයක දී ලකුණු 300 සීමාව ඉක්මවා හඹාගෙන ගොස් ජයග්‍රහණය කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49