spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා දැවැන්ත ඉලක්කයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 337කට සීමා වුණා.

පාකිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 04ක වාසියක් සමඟ දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 76ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නවාස් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ, ලකුණු 88කට කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව තරගය ජයග්‍රහණය සඳහා පාකිස්ථාන කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 342ක්.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිළ ලකුණු 222ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් පකිස්ථානයට පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 218ක් පමණයි.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයේ සිව්වන දිනය අදයි.

කෙසේ වෙතත් මේ වන තෙක් කිසිඳු කණ්ඩායමක් ගාලු පිටියේ ටෙස්ට් තරගයක දී ලකුණු 300 සීමාව ඉක්මවා හඹාගෙන ගොස් ජයග්‍රහණය කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?