ලැබුණු ඉන්ධන තොග බෙදාහැරීම අද සිට ඇරඹේ

දුම්රිය සහ ට්‍රක්රථ මඟින් ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් කටයුතු අද (19) සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරටට පැමිණි ඩීසල් නෞකා 02ක ඉන්ධන තොග ඊයේ (18) දිනය වනවිට ගොඩබෑම අවසන් කළ බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.

එමෙන්ම දිවයිනට පැමිණි පෙට්‍රල් නෞකාවක සාම්පල පරීක්ෂා කිරීම් ඊයේ (18) සිදුකෙරුණා.

එම නෞකාවේ ඇති පෙට්‍රල් තොග ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර පොළොන්නරුව – මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හලට ඊයේ (18) ඉන්ධන ලැබීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ලැබූ ඉන්ධන තොග අවසන් වූ බවට ඉන්ධනහලේ සේවකයන් දැනුම්දීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් අහසට වෙඩි තැබීමක් ද සිදු කර තිබෙනවා.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ඉන්ධන නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා (21) සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?