ලැබුණු ඉන්ධන තොග බෙදාහැරීම අද සිට ඇරඹේ

දුම්රිය සහ ට්‍රක්රථ මඟින් ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් කටයුතු අද (19) සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරටට පැමිණි ඩීසල් නෞකා 02ක ඉන්ධන තොග ඊයේ (18) දිනය වනවිට ගොඩබෑම අවසන් කළ බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.

එමෙන්ම දිවයිනට පැමිණි පෙට්‍රල් නෞකාවක සාම්පල පරීක්ෂා කිරීම් ඊයේ (18) සිදුකෙරුණා.

එම නෞකාවේ ඇති පෙට්‍රල් තොග ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර පොළොන්නරුව – මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හලට ඊයේ (18) ඉන්ධන ලැබීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ලැබූ ඉන්ධන තොග අවසන් වූ බවට ඉන්ධනහලේ සේවකයන් දැනුම්දීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් අහසට වෙඩි තැබීමක් ද සිදු කර තිබෙනවා.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ඉන්ධන නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා (21) සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21