රනිල්ට එරෙහිව හෙට විරෝධතා දිනයක්

වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහට ඉවත්වන ලෙස බලකරමින් හෙට (19) දිනය විරෝධතා දිනයක් බවට පත්කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන්ට ආසන්න නගරවලට පැමිණ රනිල් වික්‍රමසිංහට ඉවත්ව යන ලෙස දන්වමින් විරෝධතා පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවේ නියෝජිතයන් සමඟ ඊයේ (17) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරව ඔහු මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීමට වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී දැනුම් දුන් බවයි වසන්ත මුදලිගේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම හෙට (19) දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
231
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32