ගම්පහ වෙළෙඳසැල් කිහිපයක් වසා දැමේ

ගම්පහ නගරයේ වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේය.

පසුගිය දින කිහිපය තුළ වෙළෙඳසැල් ආශ්‍රිතව වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන තිබේ.

පසුගිය දින 4 රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන නගරාධිපතිවරයා,

“දැනට නගර සීමාවේ කොවිඩ් ආසාදිතයින් 233ක් ඉන්නවා. ගම්පහ නගරය ආශ්‍රිතව දැනට එළවළු වෙළෙඳපොළ ආශ්‍රිත කඩ කිහිපයක් වසා දමා තිබෙනවා. ඉදිරියේ දී මොකද්ද කරන්නේ කියලා තීරණය කළා. එතකොට තීරණය කළා නගරය වසා දමන්නේ නැතුව පලතුරු වෙළෙඳපොළ ආශ්‍රිත කඩ හා සේවකයින් පොසිටිව් වුණ විවිධ කඩ වසා දැමීමට. ඒ වගේම මුළු නගරයේ ම ව්‍යාපාරිකයින් 1000කගේ පීසීආර් කරන්න තැන් 5කදී තීරණය කළා. ඒ වාර්තාව සමග ඊළඟ පියවර තීරණය කරනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47