විරෝධතා අතර තුර තුවාල ලැබූ 56ක් තවමත් රෝහලේ

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙසට බල කරමින් කොළඹ – කොටුව කේන්ද්‍ර කරගනිමින් ඊයේ (09) දිනයේ දී පැවති විරෝධතා අතර තුර තුවාල ලැබූ පුද්ගලයින් 56 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර අරගලය සඳහා කොළඹට පැමිණි ජනතාව තවමත් කොටුව ජනාධිපති මන්දිරය අවට සහ ජනාධිපති කාර්යාලය අසල අරගල භූමියේ තව දුරටත් රැඳී සිටින බවයි වාර්තා වුණේ.

කොළඹට පැමිණි අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අතර, තවත් අරගලකරුවන් පිරිසක් ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගනු ලැබුවා.

ඉන් නො නැවතුණු අරගලකරුවන් අරලියගහ මන්දිර පරිශ්‍රයට ද ඇතුළු වුණා.

මේ අතර ඊයේ (09) රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස අසල ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී පිරිස් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබූ අතර, මාධ්‍යවේදීන් සිව්දෙනෙකුට ද පොලිසිය විසින් පහර දෙනු ලැබුවා.

අනතුරුව කිසියම් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ඇතුළු වී ඊට ගිනි තබා තිබූ ආකාරය දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56