spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විරෝධතා අතර තුර තුවාල ලැබූ 56ක් තවමත් රෝහලේ

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙසට බල කරමින් කොළඹ – කොටුව කේන්ද්‍ර කරගනිමින් ඊයේ (09) දිනයේ දී පැවති විරෝධතා අතර තුර තුවාල ලැබූ පුද්ගලයින් 56 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර අරගලය සඳහා කොළඹට පැමිණි ජනතාව තවමත් කොටුව ජනාධිපති මන්දිරය අවට සහ ජනාධිපති කාර්යාලය අසල අරගල භූමියේ තව දුරටත් රැඳී සිටින බවයි වාර්තා වුණේ.

කොළඹට පැමිණි අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අතර, තවත් අරගලකරුවන් පිරිසක් ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගනු ලැබුවා.

ඉන් නො නැවතුණු අරගලකරුවන් අරලියගහ මන්දිර පරිශ්‍රයට ද ඇතුළු වුණා.

මේ අතර ඊයේ (09) රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස අසල ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී පිරිස් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබූ අතර, මාධ්‍යවේදීන් සිව්දෙනෙකුට ද පොලිසිය විසින් පහර දෙනු ලැබුවා.

අනතුරුව කිසියම් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ඇතුළු වී ඊට ගිනි තබා තිබූ ආකාරය දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?