මීළඟ අරගලය මේ රට ව්‍යසනයක් කරා ගෙන ගිය දේශපාලකයන්, පොලිස්පති, දේශබන්දු ඇතුළු සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි

අද ඉතිහාසයේ නොමැකෙන දිනයක් බවට පත්වන බව අමුතුවෙන් කිවයුතු නැහැ.මිනිසුන්ගේ පීඩාව, දුක වේදනාව දරාගත නොහැකි තැනට පත්ව ජනතා අරගලයක් ආරම්භ වුණේ මීට මාස කිහිපයකට ඉහතදීය.

සුන්දර මේ රට ව්‍යසනයක් දක්වා ඇද දැමූ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීමට මීළඟ අරගලය විය යුතුය.

පසුගියදා රට ගිනි තැබූ සිදුවීමට සම්බන්ධ දේශපාලඥයන් සහ පොලිස් නිලධාරීන්ට නිසි දඩුවම් ලබාදිය යුතුය.

ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයාගේ සිට දේශපාලන බලය භාවිත කරමින් රටට කළ විනාශයට නිසි දඩුවම් ලබාදීම මගින් අනාගතය හෝ සුබවාදී කරගත හැකිය.
මහජන මුදල් සොරා කමින්, රටේ සම්පත් විකුණා දමමින් දූෂිත ක්‍රියාවල නිරතවූ නිලධාරීන් ඇතුළු සියලු බලධාරීන් පිළිබඳව සොයා බැලිය යුතුය.මේ සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කිරීමට නීතීඥයන් කටයුතු කරනු ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?