තීරණාත්මක දෙවන ටෙස්ට් තරගය අද ගාල්ලේ දී ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රෙලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරග මාලාවේ දෙවන තරගය අද (08) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය කඩුලු දහයකින් ජයගත් ඔස්ට්‍රේලියාව මේ වනවිට තරගාවලියේ පෙරමුණ ගෙන ඇති අතර තරගාවලිය ජය සම තත්ත්වයෙන් අවසන් කිරීමට නම් ශ්‍රී ලංකාවට අද ආරම්භවන තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් අද අරාම්භාවන තරගය වෙනුවෙන් සංචිතය සකසා ගැනීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, මැතිව්ස් මේ වනවිට සිය නිරෝධායන කාලසීමාව අවසන්කර තිබෙනවා.

ඒ අනුව අද තරගය සඳහා සහභාගී වීමට වැඩි ඉඩක් ඔහුට පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ලක්ෂාන් සඳකැන් සහ ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමටයි ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව පියවර ගත්තේ.

එමෙන්ම අද (080 ඇරඹෙන තරගය වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්කර ගනු ඇතියි තොරතුරු වාර්තා වනවා.

පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහු අද තරගයේ දී එම කණ්ඩායමට එක්වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

දෙවන වන සහ අවසන් ටෙස්ට් තරගය අද (08) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23