spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තීරණාත්මක දෙවන ටෙස්ට් තරගය අද ගාල්ලේ දී ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රෙලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරග මාලාවේ දෙවන තරගය අද (08) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය කඩුලු දහයකින් ජයගත් ඔස්ට්‍රේලියාව මේ වනවිට තරගාවලියේ පෙරමුණ ගෙන ඇති අතර තරගාවලිය ජය සම තත්ත්වයෙන් අවසන් කිරීමට නම් ශ්‍රී ලංකාවට අද ආරම්භවන තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් අද අරාම්භාවන තරගය වෙනුවෙන් සංචිතය සකසා ගැනීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, මැතිව්ස් මේ වනවිට සිය නිරෝධායන කාලසීමාව අවසන්කර තිබෙනවා.

ඒ අනුව අද තරගය සඳහා සහභාගී වීමට වැඩි ඉඩක් ඔහුට පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ලක්ෂාන් සඳකැන් සහ ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමටයි ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව පියවර ගත්තේ.

එමෙන්ම අද (080 ඇරඹෙන තරගය වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්කර ගනු ඇතියි තොරතුරු වාර්තා වනවා.

පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහු අද තරගයේ දී එම කණ්ඩායමට එක්වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

දෙවන වන සහ අවසන් ටෙස්ට් තරගය අද (08) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?