පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මේ වනවිට බොහෝ දෙනෙක් පාපැදි භාවිතයට නැඹුරු වී සිටිනවා.
ඒ හේතුවෙන් මේ දිනවල පාපැදියට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.
මෙවැනි තත්ත්වයක් මත වෙළඳපොලේ මේ වනවිට පාපැදිවල මිල ගණන් ඉතා සීග්‍රගෙන් ඉහළ ගොස් ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව සාමාන්‍ය පාපැදියක අවම මිල රුපියල් 45,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගියර සහිත පාපැදියක අවම මිල රුපියල් 65,000ක් පමණ අගයක් ගෙන තිබෙනවා.
පාපැදි තොග අවසන් වීමත් සමඟ අලෙවිකරුවන් විවිධ මිල ගණන් යටතේ මේ වනවිට පාපැදි අලෙවි කරන අතර ඒ හේතුවෙන් ගැනුම්කරුවන් පත්ව ඇත්තේ මහත් අපහසුතාවයකටයි.
පාපැදි මිලදී ගැනීම සඳහා ඇතැම් පාපැදි අලෙවිසැල් ඉදිරිපිට මිනිසුන් දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය ද දැකගත හැකි වුණා.





