ඉන්ධන ගන්න ඉන්න අයට කංචනගෙන් නව බලාපොරොත්තුවක්

ලබන 08 වැනිදා සිට අගෝස්තු 13 වැනිදා කාලය තුළ මෙරටට ඉන්ධන නැව් 10ක් පැමිණීමට නියමිත බැවින් ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසීය.මෙට්‍රික් ටොන් හතළිස්දහසකින් සමන්විත ඩීසල් නැවක් ලබන 08 වැනිදා සහ 09 වැනිදා අතර කාලයේදී මෙරටට පැමිණෙනු ඇතැයිද ඇමැතිවරයා සදහන් කළේය.

ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන තොග පිළිබද විස්තර මෙසේයි,

ලබන 11 සහ 14 ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 13-15 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක්, ජුලි 22-23 ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 22-23 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 29-31 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක්, සහ අගෝස්තු 13-15 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක් මෙරටට පැමිණීමට නියමිතය.

එමෙන්ම මැලේසියානු ඉන්ධන සමාගමකින් ඉන්ධන මිල දී ගැනීම සඳහා සිදුකළ සාකච්ඡා සාර්ථක බවත් ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් පනස්දහසක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් දසදහසක් ලබන 10 හෝ 11 යන දින දෙක තුළ මෙරටට ළඟා වීමට නියමිතව බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?