අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී සිය කැබ් රථය අනතුරට ලක්වීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ ජැක්සන් ඇන්තනීට අද (04) කොළඹ ජාතික රෝහලේ දී පැය 7ක ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා. ඔහුගේ බෙල්ලෙ පසුපස කොටසේ කශේරුකාවන් හි සිදු ව ඇති හානිය සකස් කිරීම සඳහා යි.
අද උදෑසන 9ට පමණ ශල්‍යාගාරයට ගැනුණු මෙම ප්‍රවීණ රංගන ශිල්පියාගේ සැත්කම නිමා වී ඇත්තේ, සවස හතරට පමණ බව ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළා.මේ වන විට සැත්කමෙන් අනතුරු ව රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවත් ඔහුව සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බවත් වාර්තා වනවා.
හෙට දිනය තුළ දී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බව යි අප වෙත අදහස් දැක්වූ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.














Ikman suwaya labewa. Theruwan saranay.