ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය බබළවන ‘ආසියානු කඟවේනාගෙන්’ මෙරට බලධාරීන්ට සැර කනේ පහරක් (වීඩියෝ)

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට ඊයේ (03) සමත් වුණා.

ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 අවසන් තරගයේ ප්‍රථමයා වෙමින්.

යුපුන් එම ඉසව්ව අවසන් කිරීමට ගතකළ කාලය තත්පර 9.96ක්.

නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසට මෙම කාලය වාර්තා අතරට එක් වුණා.

මේ අතර එම ඉසව්වේ ජයග්‍රාහකයා වූ යුපුන් අබේකෝන් සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවී ව සම්බන්ධ වෙමින් ඔහුව විශ්වාස කළ සියල්ලන්ට ස්තූතිය පුද කළා.

එහිදී යුපුන් පැවසුවේ මෙවන් අදහසක්..

“මං ඒක කළා. මං අවුරුදු ගානක් මහන්සි උනා, ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිපලය මට හම්බවුණා. ඔව්..මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member, බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පළවෙනි Sub 10 එක.ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම, මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විශ්වාස කරපු අයට මං pay back කළා කියලා මං හිතනවා. ආදරෙයි ගොඩක්. ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම්, ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ. ඒ හින්දා දැන් මීඩියාවලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න. ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කරේ මං මටත් වඩා මාව විශ්වාස කරපු ඔයලාට.”

https://youtu.be/617InZyVcH8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ ඇදුනු තෙල් ප්‍රශ්න..රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
45:47
Video thumbnail
කඩාකප්පල්කාරි වැඩ නිසා නෙවෙයි බස් ගාස්තු වැඩි කළේ..ආයෙත් බස් ගාස්තු වැඩිවෙයිද ?
06:30
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
05:19
Video thumbnail
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මෙහෙමයි
01:22
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07