spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය බබළවන ‘ආසියානු කඟවේනාගෙන්’ මෙරට බලධාරීන්ට සැර කනේ පහරක් (වීඩියෝ)

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට ඊයේ (03) සමත් වුණා.

ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 අවසන් තරගයේ ප්‍රථමයා වෙමින්.

යුපුන් එම ඉසව්ව අවසන් කිරීමට ගතකළ කාලය තත්පර 9.96ක්.

නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසට මෙම කාලය වාර්තා අතරට එක් වුණා.

මේ අතර එම ඉසව්වේ ජයග්‍රාහකයා වූ යුපුන් අබේකෝන් සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවී ව සම්බන්ධ වෙමින් ඔහුව විශ්වාස කළ සියල්ලන්ට ස්තූතිය පුද කළා.

එහිදී යුපුන් පැවසුවේ මෙවන් අදහසක්..

“මං ඒක කළා. මං අවුරුදු ගානක් මහන්සි උනා, ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිපලය මට හම්බවුණා. ඔව්..මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member, බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පළවෙනි Sub 10 එක.ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම, මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විශ්වාස කරපු අයට මං pay back කළා කියලා මං හිතනවා. ආදරෙයි ගොඩක්. ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම්, ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ. ඒ හින්දා දැන් මීඩියාවලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න. ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කරේ මං මටත් වඩා මාව විශ්වාස කරපු ඔයලාට.”

https://youtu.be/617InZyVcH8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?