spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රළ පහරට හසු වී 30 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

උස්වැටකෙයියාව ප්‍රදේශයේදී මුහුදු රළ පාගමින් සිටි තරුණියක් රළ පහරට හසු වී මුහුදට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කඩවත, බියන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණියක්.

ඇය තවත් පිරිසක් සමඟ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයක් සඳහා පැමිණ ඇති අතර හෝටලය පිටුපස මුහුදු තීරයේ රළ පාගමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?