රළ පහරට හසු වී 30 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

උස්වැටකෙයියාව ප්‍රදේශයේදී මුහුදු රළ පාගමින් සිටි තරුණියක් රළ පහරට හසු වී මුහුදට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කඩවත, බියන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණියක්.

ඇය තවත් පිරිසක් සමඟ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයක් සඳහා පැමිණ ඇති අතර හෝටලය පිටුපස මුහුදු තීරයේ රළ පාගමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්