සුමන්තිරන්ගේ ප්‍රකාශය ජපාන තානාපති ප්‍රතික්ෂේප කරයි – රනිල්ටත් ලිපියක්

ශ්‍රී ලංකාවට දෙන මූල්‍ය සහන අවභාවිතය පිළිබඳ පවතින සැකය හේතුවෙන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දීමට ජපානයට නොහැකි යැයි ජපානයේ මෙරට තානාපති මිසුකොෂි හිඩෙකි පැවසූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා තිබුණා. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවට දෙන මූල්‍ය සහන අවභාවිතය පිළිබඳ පවතින සැකය හේතුවෙන්.

ඒත් මන්ත්‍රීවරයාගෙ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් , එවැනි ස්ථාවරයක් ජපන් තානාපතිවරයා සඳහන් කර නොමැති බවත් ජපාන තානාපති කාර්යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?