අමිපාර නවගිරියාව රක්ෂිතය එළිපෙහෙලිකල පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක එම්.ජි.ඒ.කේ. ජයශ්‍රි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්  සහ වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ (අම්පාර) නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව 2022.06.30 වන දින බණ්ඩාරදූව පොලිස් වසමේ නවගිරියාව වැව රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වී රක්ෂිතය අක්කර දෙකහමාරක ප්‍රදේශයක් එළිපෙහෙලි කරමින් සිටි අමිපාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34,38,47, යන වයස්වල පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර පොරව 02 ක්,කැති 07 ක්,අලවංගු 01 ක්,උදළු 01ක්,අඬු මිටි 01 ක්,නියන් 01ක්, අතකොළු 01ක්,අත් කියත් 01ක් සහ ඇන පාර්සල් 01ක් තිබී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?