සා.පෙල ප්‍රතිඵලත් කල් යන ලකුණු.

ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් දෙවැනි අදියර ආරම්භ කිරීම කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව විසින් තීරනය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඊයේ (30) පැවසුවේ අපහසුතා මධ්‍යයේ වුව ද පළමු අදියරේ ඇගයීම් කටයුතු සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවත් එම සියලුම උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට ගෙන ඒමට කටයුතු කළ බවත්ය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු මේ දිනවල පැවැත්වෙන බැවින් එම කටයුතු අවසන් වූ පසු ඉක්මනින් ම ප්‍රතිඵල නිකුත් කිරී‍මට පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?