ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

BA.4 සහ BA.5 කොවිඩ් 19 වෛරස ප්‍රභේදය ලෝ පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.මේ වන විට ලොව රටවල් 110 ක මෙම වෛරස් ප්‍රභේද ය ආසාදනය වූවන් සොයාගෙන ඇති බවයි.

මෙතෙක් ලොව පුරා ව්‍යාප්ත වූ වෛරස් ප්‍රභේද‍යන්ට වඩා ප්‍රබල සහ වේගවත් පැතිර යාමක් පෙන්නුම් කරන BA.4 සහ BA.5 වෛරස් ප්‍රභේදය ඉදිරියේ දී ලෝක සෞඛ්‍යයට ඉතා බරපතළ තත්ත්වයක් ඇති කරනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මෙම වෛරස් ප්‍රභේදය පැතිර ගියහොත් ඒ හරහා සමස්ත ගෝලීය රෝගීන්ගෙ 20% ක පමණ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය කලාප හයෙන් තුනක මෙම වෛරස් ප්‍රභේදයේ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.