මහ බැංකු අධිපති ගැන අගමැති රනිල් ගත් තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉදිරි වසර 6 ක කාලය වෙනුවෙන් ද මහ බැංකු අධිපති ධූරය සඳහා නිර්දේශ කර ඇති බව වාර්තා වේ. වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ නිල ධූර කාලය හෙටින්(30) අවසන් වීමට නියමිතය.2016 ජූනි මාසයේ දී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාර ගත් නිල ධූර කාලය එලෙස හෙට දිනයේ දී අවසන් වීමට නියමිතය. මෙම ධූර කාලපරිච්ඡේදය තුළ සිව්දෙනකු එනම්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහ බැංකු අධිපති ධූරය හොබවා තිබීම විශේෂත්වයකි.

මහබැංකු අධිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට අදාළ නිර්දේශ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?