අද සහ හෙට සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද (29) සිට හෙට (30) යන දෙදින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

මෙම වැඩවර්ජනය සඳහා සෞඛ්‍ය වෘත්තිය සමිති 8ක් සහභාගී වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

“ඉන්ධන මිල සහ සැපයීමේ ගැටලු නිසා ඇතිවී තිබෙන බලපෑම් ගැන අපි අදාළ බලධාරීන් සමග සාකච්ඡා ගණනාවක් සිදුකළා. සෞඛ්‍ය සේවා සඳහා සේවයට වාර්තා කිරීමට ඉන්ධන සපයා ගැනීමට බාධාවකින් තොරව සිදුකරගත හැකි ක්‍රමවේදයක් සකසන්නැයි කියලා ඉල්ලීමක් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වගේ ක්ෂේත්‍ර නිලධාරීන් වැටුපෙන් ඉන්ධන ලබාගෙන සේවයට එන තත්ත්වයක් නිර්මාණය වෙලා. දැනට ලබාදෙන දීමනාවෙන් ඉන්ධන ලබාගැනීමේ ගැටලු තිබෙනවා. ඒ නිසා වෘත්තීන් 8ක එකඟතාවයෙන් සේවයට වාර්තා නොකර ඉන්නවා. ප්‍රවාහන සහ ඉන්ධන ගැටලුව නිසා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගම්, ECG සහ EEG නිලධාරීන්ගේ සංගම්, වෛද්‍ය රසායනාගාර, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ගේ සංගම්, කීට විද්‍යා නිලධාරීන්ගේ සංගම්, දන්ත කාර්මිකයින්ගේ සංගමය, දන්ත චිකිත්සක සංගමය, ඖෂධ සංයෝජකයින්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වෙනවා.” 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23