ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාව දුරකතනයෙන් අමතන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා. රුසියාවෙන් ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාව කරන බවද ඔහු පැවසීය.
බලශක්ති අමාත්‍යවරයා කටාරයේ ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡාවකට ගොස් සිටින බවද පැවසූ ඔහු ඉන්දියාවද ඉතා සුබවාදී තැනක සිටි බවද සඳහන් කළේය.
ඒ අනුව එළඹෙන 10 වන දා සිට ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි ද ඔහු කියා සිටියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




