යළි ගෑස් බෙදාහරින දිනය මෙන්න ලිට්‍රෝ සමාගමෙන් පණිවිඩයක්

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසන්නේ නැවතත් ගෑස් බෙදා හැරීමට සිදු වන්නේ ලබන මස (ජූලි) 5 වැනිදා හා 12 වැනිදා අතර කාලයේ දී බවයි.ජූලි මස 10 වැනිදායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් විසිපන්දහසක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර  මෙට්‍රික් ටොන් හත්දහසක ගෑස් තොගයක් රැගත් නෞකා 2ක් මෙරටට පැමිණීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළා.ලබන 05 වැනිදායින් පසු දිවයින පුරා දෛනිකව කිලෝ ග්‍රෑම් දොළහයි දශම පහේ ගෘහස්ථ ගෑස් සිල්න්ඩර අසූදහස බැගින් වෙළෙඳපොළට බෙදාහැරීමට සැලසුම් කර තිබෙනවා.

එතෙක් ගෑස් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්