අවසන් එක්දින තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

අද තරගයේ දී වනිඳු හසරංග විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා අද තරගයට එක් නොවන අතර ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් අද තරගයට එක්වනවා.

මේ අතර අද තරගයේ දී නවක වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත්තා.

ඔහුට හිමි එක්දින හිස්වැස්ම මෙරටින් බිහි වූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අතින් පිරිනැමුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර ඒ අනුව ට්‍රැවිස් හෙඩ් අද තරගයෙන් ඉවත්කර ඇති අතර ඔහු වෙනුවට ජොෂ් ඉන්ග්ලිස් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර අද තරගය නැරඹීමට පැමිණ ඇති ප්‍රේක්ෂකයින් රැසක් කහ පැහැති ඇදුම් ආයිත්තම්වලින් සැරසී සිටින ආකාරය දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31