ශ්‍රී ලංකා ඔස්‌ට්‍රේලියා 5වන සහ අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්‌ට්‍රේලියා කණ්ඩායම අතර ක්‍රියාත්මක තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය අද පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතව තිබේ.එක්දින තරගාවලිය දැනටමත් 3-1ක් ලෙස පරාජයට පත්වී සිටින ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම අද තරගය ජය ගතහොත් තරගාවලිය 3-2ක් ලෙස ගෞරවාන්විතව නිමා කර ගැනීමට අවස්ථාවක් උදාවේ. ඒ අනුව අද තරගය ජය ගැනීමට සංචරක කණ්ඩායම දැඩි වෙහෙසක් දරනු ඇති අතර ශ්‍රී ලංකාව අද තරගය ජය ගතහොත් දෙරට අතර පැවැති විස්සයි විස්ස තරගාවලියෙන් ලද පරාජයේ වාඩුව පිරිමසා ගැනීමට කදිම අවස්ථාවක් උදාවේ.

ඔස්‌ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනකුම මෙම සංචාරයේදී ආබාධයන්ට ගොදුරු වූ අතර මාර්ක් ස්ටොයින්ස්, ඇස්ටන් අගාර්, කේන් රිචඩ්සන් සහ ෂෝන් ඇබෝට් ඒ අතර වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ, නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග, (දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර)

ඔස්‌ට්‍රේලියා කණ්ඩායම – ඒරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, මානස් ලබුස්චේන්, ඇලෙක්ස් කේරි, ග්ලේන් මැක්ස්වෙල්, ට්‍රැවිස් හෙඩ්, කැමරන් ග්‍රීන්, පැට් කමින්ස්, මැතිව් කුනමන්, ජොස් හේසල්වූඩ් (ජෝස් ඉංග්ලිස්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?