උද්ධමනය තවත් ඉහලට

මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 45.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව සියයට 45.3 ක් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට ආහාරමය කාණ්ඩයෙන් සියයට 27.3 ක දායකත්වයක් සපයා ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 18.1ක දායකත්වයක් ලබා දී ඇත.

මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 58 ක් වන අතර ආහාර නොවන කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 34.2 ක් වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?