නම මස් බිළිඳාට වස පොවා 22 හැවිරිදි මව ගෙදරින් පැන ගිහින්

සිය නම මස් බිළිඳාට වස පොවා නිවසින් පැන ගිය මවක් පිළිබඳව තෙලිජ්ජවිල, කන්දහේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තම සැමියා රැකියාවක් සොයා ගැනීම සඳහා නිවසෙන් පිටව ගිය අතර වාරයේ අදාල කාන්තාව විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල නව මස් බිළිඳා සහ අවුරුදු 03ක් වයසැති දරුවා නිවස තුළ හඬන ශබ්දය ඇසී අසල්වැසියන් ඒ සම්බන්ධයෙන් විමසා බාලා තිබෙනවා.

එහිදී අසල්වාසීන් විසින් අසාද්‍ය තත්ත්වයේ පසුවූ බිළිඳා දැක අතර ඔවුන් වහාම එම බිළිඳා අකුරැස්ස රෝහලට රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් බිළිඳා මිය ගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර මව විසින් ලියා තබා ගොස් තිබූ ලිපියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, වැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත් එහි ලියා තිබූ බව සඳහන්.

22 හැවිරිදි සැකකාර මව අත්අඩංගුවට ගැනීම සදහා මාලිම්බඩ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01