spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නම මස් බිළිඳාට වස පොවා 22 හැවිරිදි මව ගෙදරින් පැන ගිහින්

සිය නම මස් බිළිඳාට වස පොවා නිවසින් පැන ගිය මවක් පිළිබඳව තෙලිජ්ජවිල, කන්දහේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තම සැමියා රැකියාවක් සොයා ගැනීම සඳහා නිවසෙන් පිටව ගිය අතර වාරයේ අදාල කාන්තාව විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල නව මස් බිළිඳා සහ අවුරුදු 03ක් වයසැති දරුවා නිවස තුළ හඬන ශබ්දය ඇසී අසල්වැසියන් ඒ සම්බන්ධයෙන් විමසා බාලා තිබෙනවා.

එහිදී අසල්වාසීන් විසින් අසාද්‍ය තත්ත්වයේ පසුවූ බිළිඳා දැක අතර ඔවුන් වහාම එම බිළිඳා අකුරැස්ස රෝහලට රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් බිළිඳා මිය ගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර මව විසින් ලියා තබා ගොස් තිබූ ලිපියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, වැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත් එහි ලියා තිබූ බව සඳහන්.

22 හැවිරිදි සැකකාර මව අත්අඩංගුවට ගැනීම සදහා මාලිම්බඩ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?