පසුගියදා ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී, ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කළද කිසිදු තොරතුරක් නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු සැගවී සිටින බවට තොරතුරු ලැබුණු ස්ථාන කීපයක්ම විශේෂ පොලිස් කණ්ඩායම් යොදා පරික්‍ෂා කළද සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනතුරුත් හැකි වී නොමැති බවයි වාර්තා වන්නේ.ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවකු ලෙස නම් කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




