ඇමති නිමල්ගෙන් ජපානයට පැමිණිල්ලක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ඇති බරපතළ ප්‍රමාදය සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කරන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපොළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (02) එක් වූ අවස්ථාවේ දීයි.

ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදය ගැන එම ඉදිකිරීම් භාර ජපාන කොන්ත්‍රාත් සමාගම්වලට අමාත්‍යවරයා මෙහිදී සිය අප්‍රසාදයද පළ කළා.

මීට අට වසරකට පමණ ඉහතදී අත්සන් තැබුණු ගිවිසුමට අනුකූලව මේ වනවිට මෙම පර්යන්තයේ ඉදිකිරීම් අවසන් මට්ටමකට පැමිණිය යුතුව තිබුණා.

කටුනායක ජත්‍යන්තර ගුවන් තොටුපළේ දැනට පවතින මගී පර්යන්තයේ පවතින දැඩි තදබදයට විසඳුම් ලෙසටයි මෙම නව මගී පර්යන්තයේ සහ ගුවන් යානා මෙහෙයුම් පද්ධතිය ඉදිකිරීම ආරම්භ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56