spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති නිමල්ගෙන් ජපානයට පැමිණිල්ලක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ඇති බරපතළ ප්‍රමාදය සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කරන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපොළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (02) එක් වූ අවස්ථාවේ දීයි.

ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදය ගැන එම ඉදිකිරීම් භාර ජපාන කොන්ත්‍රාත් සමාගම්වලට අමාත්‍යවරයා මෙහිදී සිය අප්‍රසාදයද පළ කළා.

මීට අට වසරකට පමණ ඉහතදී අත්සන් තැබුණු ගිවිසුමට අනුකූලව මේ වනවිට මෙම පර්යන්තයේ ඉදිකිරීම් අවසන් මට්ටමකට පැමිණිය යුතුව තිබුණා.

කටුනායක ජත්‍යන්තර ගුවන් තොටුපළේ දැනට පවතින මගී පර්යන්තයේ පවතින දැඩි තදබදයට විසඳුම් ලෙසටයි මෙම නව මගී පර්යන්තයේ සහ ගුවන් යානා මෙහෙයුම් පද්ධතිය ඉදිකිරීම ආරම්භ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?