රඹෑව ප්රදේශයේ දී ඊයේ (10) සිදුවූ බස් රථ අනතුරින් මියගිය හතරදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම මේ වන අතරමඟ නැවතී තිබෙනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජල සැපයුම අඩාලවීම හේතුවෙන් මෙලෙස එම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙලෙස අතරමඟ නැවතී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂකවරයා සඳහන් කළේ, රෝහලේ ජලනළයක ගැටළුවක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවත්, එය කඩිනමින් යථාතත්වයට පත්කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි.










