ඉදිරි සති දෙකෙන් පසු යළිත් ඉන්ධන අර්බුදයක්

ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ඊළඟ ඩීසල් නැව මෙරටට ගෙන ආවාට පසු රටේ අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා තෙල් ආනයනයට වැඩපිළිවෙළක් තාමත් සකසා නොමැති නිසා ඉදිරි සති දෙකෙන් පසු යළි බරපතළ ඉන්ධන අර්බුදයක් මතු විය හැකි බවට තෙල් සංස්ථා උසස් නිලධාරීහු අනතුරු අඟවනවා.

ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ලබා ගැනීමට යම් යම් සැලසුම් ක්‍රියාත්මක කළද සැපයුම්කාර සමාගම් ඒවාට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔවුහු කියති.මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මට්‍රික් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,067ක් සහ ජෙට් A1 මෙටි්‍රක් ටොන් 386ක් තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණත් එම ප්‍රමාණය සෑහෙන්නේ සති දෙකකට පමණ යැයි ද එම නිලධාරීහු සඳහන් කළහ.

සපුගස්කන්ද පිරිපහදුව සම්පූර්ණ ධාරිතාව යටතේ පිරිපහදුව සිදු කළහොත් මෙම මස මැද වනවිට බොරතෙල් අවසන් වී යළි එය නවතා දැමීමට සිදුවන බවද එහි නිලධාරීහු කියති. අවම ධාරිතාව යටතේ ක්‍රියාත්මක කළත් ලබන 27 වැනිදා වනවිට එය යළි නතර කරන්නට සිදුවී ඇත්තේ බොරතෙල් යළි ආනයනය කිරීමට වැඩපිළිවෙළක් යොදා නොමැති නිසා වෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33