ලංකාවට මූල්‍ය සහායක් නෑ ලෝක බැංකුවෙන් ශ්‍රි ලංකාවට දැනුම්දීමක්

නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පෙන්වා දෙන්නේ,නිශ්චිත සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍යමය ප්‍රදානයන් ලබාදීමට සැලසුම් නොකරන බවයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවය.

ඒ සඳහා ආර්ථිකමය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා වන නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් ශ්‍රී ලංකාව විසින් සකස් කළ ගත යුතු බව ද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ඇතැම් මූල්‍ය ව්‍යාපෘති නැවත සමාලෝචනය කර එම මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙන්ම දිළිඳු ජනතාව සඳහා සහන ලබාදීම, ගොවීන් සහ කුඩා ව්‍යාපාර සඳහා අවශ්‍ය සහන ලබාදීම සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද ලෝක බැංකු නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

අමෙරිකානු ආධාර හෙවත් යූ.එස්.ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?