විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් මහජනතාවට දැනුම්දීමක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මහජනතාවට කරන කාරුණික දැනුම් දීමයි.

දිනෙන් දින පහතට වැටෙන මෙරට ආර්ථිකය හමුවේ රජය මුහුණ පා ඇති අධික මූල්‍ය අර්බුදය නිසා රටවැසියන්ගේ  මූලික අවශ්‍යතාවයන්  සපිරීමට පවා රජය අසමත් වී ඇත.

මෙ​ම තත්ත්වය රාජ්‍ය සෞඛ්‍ය සේව​ය මගින් මහජනයාගේ  මූලික සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමටද ඉතා දැඩි බලපෑම් එල්ල කර ඇත.

මේ නිසා රාජ්‍ය සෞඛ්‍ය සේවයට බලපා ඇති අවදානම අප දකින්නේ පහත සඳහන් අයුරිනි.

  1. සාමාන්‍ය රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ මෙන්ම ඉතා හදිසි ජීවිත අවදානම් හමුවේ භාවිතයට අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ වල දැඩි හිඟය මේ දිනවල රජයේ රෝහල්වල ට දැඩි බලපෑමක් සිදුකර ඇත.
  2. ඉන්ධන හිඟය නිසා දැනට ඉතා අපහසු තත්වයන් යටතේ පවත්වා ගෙන ය​න සෞඛ්‍ය සේවා පවා සැපයීමට සෞඛ්‍ය සේවකයින්ට රෝහලට පැමිණීමද ඉතා අපහසු වී ඇත.

එම නිසා විශේෂඥ වෛද්‍යවරුන් ලෙස අප විසින් යම් අවස්ථාවලදී රෝගීන් සඳහා සිදුකරන සේවාවන්  කාර්යක්ෂම ව සැපයීමට  අපට නොහැකි තත්ත්වයක් උදා විය හැකි බවත් මෙය අපට පාලනය ක​ළ නොහැකි තත්වයන් යටතේ සිදුවන නිසා මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අපගේ යුතුකමක් ලෙස අපි දකිමු.

එම නිසා අප මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවැනි දුෂ්කර අවස්ථා සිදුවුවහොත් එවැනි අවස්ථාවලදී දැඩි සංයමයකින් කටයුතු කර  අනවශ්‍ය ගැටුම්  ඇතිවීම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසය.

මෙම තත්ත්වය පිළිබඳව, දැනටමත් ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත්ව ඇති  මහජනතාවට අප අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර හැකි සෑම අවස්ථාවකදීම අපගේ සේවය සැපයීමට අපි බලාපොරොත්තු වෙමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27