ඩොලරයක් සඳහා වන රුපියලේ අගය අද දින පහළ යයි.

පසුගිය මාර්තු 09 දා සිට ශ්‍රී ලංකා රුපියලේ අගය පා කිරීමට ගත් තීරණයත් සමඟ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණයට ලක්වීමක් දක්නට ලැබුණි.

එසේ අවප්‍රමාණයට ලක් වීමත් සමගම රටේ විවිධ පාර්ශවයන්ට බොහෝ බලපෑම් එල්ල වූ අයුරු දක්නට ලැබුණා.ජනතාවගේ ජිවන බරද බොහෝ ලෙස ඉහළ ගිය අතර දෛනික ජීවිතයට බලපෑම් එල්ල වුණා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ඊයේ අගමැති ලෙස පත් වූ පසුබිමක අද දිනයේ ඩොලරයේ අගය මාස ගණනකින් පසු අඩු වනු දක්නට ලැබුණා.

මෙසේ ඩොලරයේ අඩුවීම සමාජ මාධ්‍යවල දක්වා තිබුණේ රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් සමග සිදුවූ දෙයක් බවයි.

පසුව අද මහ බැංකුව මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ විනිමය අනුපාතිකය යටතේ පවතින අධික අස්ථාවරත්වය නිසා මුදල් මණ්ඩළය ගත් තීරණයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
133
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?