මන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ.
නාවික හමුදාව ප්‍රකාශ කළේ මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 20ක පමණ වටිනාකමකින් යුක්ත බවය.
මෙහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 81යි ග්‍රෑම් 220ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
වැලිපරයක තිබූ සැකකටයුතු ගෝනි උරයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
මෙම කේරළ ගංජා තොගය පාර්සල් 25 ක් ලෙස එම ගෝනි උරය තුළ අසුරා තිබී ඇත.
හදිසි සෝදිසි මෙහෙයුම් හමුවේ මෙම කේරළ ගංජා සහිත උරය මෙහි අතහැර දමා පළා යන්නට ඇති බවට නාවික හමුදාව සැකපළකරයි.
මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත














