මම මහින්දානන්ද ඇමතිතුමාට වැඳලා කිව්වා මේක කරන්න එපා කියලා – නිමල් ලන්සා

ආණ්ඩුවේ ඉඳලා නිමල් ලන්සා හිටපු ඇමතිවරයා ස්වාධීන වුණා. ඊට පස්සේ ඔහු ඇතුළු පිරිස අද විපක්ෂයේ අසුන් ගත්තා. අද පාර්ලිමේන්තුව ඇමති නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පලකළා.

මම නැගිට්ටේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්. අපි ස්වාධීන වුණා.අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා සර්ව පාර්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. මේ රටේ සමස්ත ජනතාව ඒ ඉල්ලීම කරනවා. ඒකට ඇහුම්කන් නොදී කැබිනට් මණ්ඩලයක් පත් කරගන්නවා. ඒ නිසයි අද අපි ආණ්ඩුවේ ඉදලා ස්වාධීන වුණු අපි විපක්ෂයේ අසුන් ගත්තේ. හැමෝම තේරුම් ගන්න ඕනේ රට ගිනි අරගෙන තියෙන්නේ. මහජනතාව විශාල ප්‍රශ්න ගොඩක ඉන්නේ. මේක කෑ ගහලා බැනලා විසඳන්න බෑ.. කථානායකවරයත් මේක පිළිගත්තා. විපක්ෂ නායකවරයත් පිළිගත්තා. රටේ දැඩි අර්බුදයක් තියෙනවා කියන එක පිළිගත්තා.

අද පාර්ලිමේන්තුව දිහා හැමෝම බලාගෙන ඉන්නවා. අද බලාගෙන ඉන්නවා අපිජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ කොහාමද කියලා. ජනතාව ගලවාගන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරන්න ඕනේ. විධායක විසින් ගත්තු තීරණ හැම එකක්ම වැරදියි.. ඒ නිසයි මිනිස්සු පාරට ඇවිත් ඉන්නේ. හදවතට එකගව අපි පිළිගන්න ඕනේ ජනතාව අපෙන් ඉල්ලුවේ ජනතාවගේ සුබසිද්ධිය ඉටු කරන්න. ඒක අපිට කරන්න බැරිවුණා.. අපේ ආණ්ඩුව පිළිගන්න ඕනේ..

ජනාධිපතිතුමා අගමැතිතුමා අපි ඒ සියල්ල පිළිගන්න ඕනේ. පිළිගත්තොත් තමයි මේ ප්‍රශ්නවලට විසදුම් හොයන්න පුළුවන් වෙන්නේ. ඊයේ ජනාධිපතිතුමත් කිව්වා පොහොර තීන්දුව වැරදියි කියලා. මම වැඳලා කිව්වා මහින්දානන්දට මේක කරන්න එපා කියලා. අදවත් අපි නිවැරදි වෙමු.. ජනතාව මිලියන 22 ක් මේ අවස්ථාව බලාගෙන ඉන්නවා. අද ජනතාවට විධායකය පිළිබඳව විශ්වාසයක් නෑ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව ලයිව් ඇවිත් කාවඩි ගැන හෙළිකරපු දේ - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05