රාජ්‍ය අමාත්‍ය ධුරයන් වෙනස්වූ හැටි මෙන්න

මහාචාර්ය ජී.එල්. පීරිස් – විදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන අතර ඔහු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

රෝහණ දිසානායක – මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහුට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

අරුන්දික ප්‍රනාන්දු – මිට පෙර පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහුට නව රාජ්‍ය අමාත්‍ය ධුරය ලෙස වැවිලි කර්මාන්ත පිරිනමා ඇත.

ලොහාන් රත්වත්ත – පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහුට නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

තාරක බාලසුරිය – මිට පෙර කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහුට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහුව නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මිට පෙර කටයුතු කරනු ලැබූ අතර ඔහු ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහු වත්මන් රාජ්‍ය අමාත්‍ය ධුර සංශෝධනයේ දී මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර, ඔහුට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

සිසිර ජයකොඩි – මිට පෙර දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහුට මෙවර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

ප්‍රසන්න රණවිර – මීට පෙර වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර, ඔහුට මෙවර කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

ඩි.වී. චානක – මිට පෙර ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර මෙවර ඔහුට සංචාරක රාජ්‍ය අමාත්‍ය සහ ධිවර රාජ්‍ය අමාත්‍ය ලෙස පත්කර ඇත.

ඩී.බී. හේරත් – පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර මෙවර ඔහුට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

කාදර් කාදර් මස්තාන් – මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර, ඔහුට මෙවර ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදී ඇත.

අශෝක ප්‍රියන්ත – මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර මෙවර ඔහුට වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

ඒ. අරවින්ද් කුමාර් – මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර මෙවර ඔහුට වතු නිවාස සහ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

ගීතා කුමාරසිංහ – මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනු ලැබූ අතර මෙවර ඇයට සංස්කෘතික සහ ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

ගුණපාල රත්නසේකර – මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර මෙවර ඔහුට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

කපිල නුවන් අතුකෝරල – මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර මෙවර ඔහුට සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

වෛද්‍ය ගයාෂාන් නවානන්ද – මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර මෙවර ඔහුට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

සුරේන් රාඝවන් – මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර මෙවර ඔහුට අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්තර දෙන්න ඉස්සර ඔයා කාවද නියෝජනය කරන්නේ කියන්න ? - නීතිඥ සංගමයේ සභාපති හොඳටම දෙසයි
10:25
Video thumbnail
අපි මැතිවරණය තියනවා - ජනමතය බලාගන්න පුළුවන්
03:18
Video thumbnail
විපක්ෂය දැන් නන්නත්තාර වෙලා - ජනතාව ඉන්නේ අපිත් එක්ක
03:57
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
02:59
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට නීතිඥයෙක්ට යකා නගියි - ඔයා මෙතන විකෘති කරනවා..ඕවා ගන්න එන්න එපා..
04:20
Video thumbnail
අජිත් පෙරේරා එළියට ඇවිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අපේ ඔක්කොම විරුද්ධ වුණා
01:35
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ - මර්දනයෙන් රජ කරන්න හදන්නේ
01:37
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:59
Video thumbnail
අගවිනිසුරුවරයා හොර උප්පැන්න දීලද තනතුරට ආවේ ?සූරසේන සංශෝදනය ගේන්න එපා
04:14
Video thumbnail
අධිකරණයට අත නොතබනු - පොළොන්නරුවේත් මහජන පෙත්සමක්
01:21