බස් ගාස්තුත් ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඇතුළු වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මාසයේදී සිදුවන වාර්ෂික ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බවයි.

මීට අමතරව සියලුම බස් ගාස්තු 50%කින් ඉහළ දැමීමට සිදුවන බව ද ඔහු පැවසීය.

පවතින ඉන්ධන තදබදය හේතුවෙන් වැඩි මුදලට ඩීසල් ලබා ගැනීමට බස් රථ වලට සිදුව ඇති බව ද ගැමුණු විජේරත්න සදහන් කරයි.

මේ මොහොතේ බස් ගාස්තු සංශෝධනයක් අපේක්ෂා නොකරන බවත්, නිසි ක්‍රමවේදයක් සකස් නොකළහොත් ජූලි මාසය වන විට ගාස්තු සංශෝධනය කිරීමට සිදුවන බවත් ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක තමයි මේ ආණ්ඩුවේ මළගමේ ලියවිල්ල
02:49
Video thumbnail
රටේ තාරුණ්‍යන් නිකන් ඉන්නේ නෑ - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
10:07
Video thumbnail
එක එක්කෙනා පඳුරු අස්සේ ඉඳන් කියනවා වගේ අපිට කරන්න බෑ
08:46
Video thumbnail
මානසික ආබාධ සහිත පුද්ගලයා තම මාමාව බිහිසුණු ලෙස එළොව යවලා - මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
01:42
Video thumbnail
ආණ්ඩුව මේ යන්නේ මර්දනකාරි වැඩපිළිවෙලක - මේ රටටම හානියක් කරන්නේ
02:02
Video thumbnail
පැලැස්තර එපා..ජීවිතාන්තය දක්වා වුණත් දීර්ඝ කරන්න - දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළි
02:56
Video thumbnail
ජනාධිපතිගේ ගමටම ගිහින් රාජාංගනේ හාමුදුරුවෝ ඉල්ලීමක් කරයි
02:40
Video thumbnail
සාකච්ඡාවට කළින් සභාවේ මතය කියන්න බෑනේ මට - අජිත් සැරවෙයි ?
01:21
Video thumbnail
ආණ්ඩුවට ඕන ඕන විදිහට දෙන්න බෑ - නීතිඥවරු අනතුරු අඟවයි
03:34
Video thumbnail
ජනපති අනුරගේ ගමේ රෝහලේ අඩුපාඩු ගොඩයි..
02:13